රේල්ලුවට කලියෙන්
ඉස්ටේසමට යාගන්ට
අනේ අපි වින්ද දුකක්
අවුරුදු දහතුනක්...
කොහොමින් කොහොම හරි
ගොඩ උනා කෝච්චියට
අපිත් එක්ක හිටපු අපේම අය
අතවනා සුභපතද්දි අපට...
සමහරු මියැදුනා
බෙල්ල තියලා ඒ කෝච්චියටම
සමහරු නතර උනා
ඊළඟ රේල්ලුවට
තවත් අය නැග්ගා
ප්‍රයිවට් බසවල
ඒත් අපි...
උජාරුවට ගොඩ උනා
සීඝ්‍රගාමී දුම්රියකට
ගොඩක්දුර හයියෙන් යන්ට
ඇත්ත...
බොහොම ඉහලයි අපේ ගමන
සමහරුන්ට කලන්තෙයි වේගෙ වැඩිකමට
දෙතුන් දෙනෙක් විසිඋනා එලියට
හ්ම්... ...
නවතින පාටක් නෑ මේක
දැන් ඇති අපට බහින්ට ඕන
හුස්මක් කටක් ගන්ට
අහසෙ නිල් පාට දකින්ට
මල්වල සුවඳ විඳින්ට...
අනේ දැන් ඇති
නතර කරන්ට මේ රේල්ලුව...
විඳින්ට දෙන්න
අපට අපේ ජීවිත...
No comments:
Post a Comment