මිහිදන් විය ගැඹුරු පත්ලේ
නුඹෙත් මගෙත් හීන පොඩි...
රන් වන් පැහැ දිස්න දුනි
අප්පච්චී පිරූ පැතුම් පොදි
දියවර සේම නොනිම් විණි
අම්මා පෑ සෙනේ ළබැඳි...
මුමුණන්නී ගං දිය රැළි
අම්මා ගැයූ ගී නැළැවිලි
අප්පච්චිගෙ දා සුවඳැති
සෙමෙන් හමයි මේ පවනැලි...
පොඩි නංඟී දැන් ඇඬුවැති
අත්තම්මා මඟ බලානැති
මළහිරු හෙට පායයි යලි
අපෙ ඉර හඳ නොනැඟුනාට යලි...