වස්සානයේ සැඩ කුණටු වලට ඇඹරෙන
සිසිරයේ හිම සීතලට මිදෙනා
වසන්තය දැක දැකත් මල් නොපිපෙන
ඒ දුයිෂෙන්ගෙ හිත
උදේ හවා මියදෙන්ට ඇති
පොප්ලර් නිඹුල්ලන් දැක
කබා කොලරයේ හංගාන කඳුළු
හිත හදා ගන්ට ඇති,,,
මගේ නොවූ මගේම අල්තීනා
ඈ වැඩෙනවා ඇති
සෙවණ දෙනවා ඇති
වැජඹෙනවා ඇති, ඉහලින්
ඈ පගා මඬින්ට තැත් කලවුන්ට
මේ පොප්ලර් ගස් වගේම...
අල්තීනා මට ආඩඹරයි නුඹ ගැන
එහෙම හිතලා දුයිෂෙන්
ලියුම් බෙදන්ට අසුපන්නන්නැති...
ආලයේ නමින් ලේ වැගිරුන ඉතිහාසයක
ප්‍රේමයේ නමින් කඩු ලෙලදුන් යුගයක
ස්නේහයේ නමින් හඬා වැලපෙන මිනිසුන් අතර
එකඳු කඳුලක් නොහෙලා
සමුගැනීමක් නැතිවම වෙන්වුන
සන්තකයම දන්දී නිහඬවම හුන්
දුයිෂෙන් මුල්ගුරුතුමාණෙනි
ගීතයක්ම විය නුඹ.. සදාකාලික!
මමත් දන් දී සන්තකයම
නික්ම ආයෙමි නිහඬවම
අයිලයට පිටමං උන නුඹ වගේම...
අල්පයක් වත් මා ගැන වගතුග
මතක තියේවිද මගේ අල්තීනාට...