රිදුනු සිත - රිදවා තවත්
බිඳුනු සිත - බිඳ දමා අයෙත්
නුඹ යන්න ගිහින්
ආයෙම වතාවක්
තනිකමට සින්න කර
පණ ගැහෙන හදවතක්
අතරමං වී සිත - ඉකිබිඳිද්දී
කවිකමද තනි වී - සුසුම් ලද්දී
තෙමී දෙනෙතත්
නුඹ සොයද්දී
නොකියාම මටවත්
නුඹ ගිහින් නික්මී
ආයෙම වතාවක්
ඉතිරිකර, කඳුලු විතරක්
No comments:
Post a Comment