වසන්තය නොඒ නම්මක් කරන්නද
වැස්සේම තෙමි තෙමී
එතෙර වනු මිස
වසන්තය නොඒ නම්
මක් කරන්නද
ග්‍රීස්මෙට දැවි දැවී
ඇවිද යනු මිස
වසන්තය නොඒ නම්
මක් කරන්නද
සීතලට කබා ඇඳ
ගිරි ශිඛර නඟිනු මිස
වසන්තය නොඒ නම්
මක් කරන්නද
කාලයේ සුළඟටම
මුහුව වියැකෙනු මිසක
කොහෝ දැන් ගැයුම ඇති වසන්තය එන්නෙ නෑ