පුපුරණා අකුණු මැද නුඹේ ගී ඇහෙන්නෑ
කදුළු නම් හේදේවි ඇඬුවාට කමක් නෑ
අපට විතරක් නෙවෙයි, උන්ට අවුරුදුත් නෑ
සිසිරයේ නිදිවරා නුබ ලියූ කවිකම්
අහන්නට කෙනෙක් නෑ දුක දන්නවා මං
පුරුදු කවියක් හෙමින් කණට කර මුමුණපන්
දුක තුනී වෙනකල් මං අහන් ඉන්නම්
වසන්තය එන්නෙ නෑ දැනන් උන්නා මං
නොකිය උන්නේ මොකද නෝක්කඩු ඇති දැන්
මහන්සිය බලා අපි නෑවිදින් හිටිය නම්
පොරොත්තුවක් උන්ට ගෙනේවිද කවුරු නම්
No comments:
Post a Comment