Sunday, May 18, 2014

හිරු මළ යාමේ...

හිරු එලියට මුහුවී
වැව් දිය මත පතිත වී
මිහිදන් විය ගැඹුරු පත්ලේ
නුඹෙත් මගෙත් හීන පොඩි...

රන් වන් පැහැ දිස්න දුනි
අප්පච්චී පිරූ පැතුම් පොදි
දියවර සේම නොනිම් විණි
අම්මා පෑ සෙනේ ළබැඳි...

මුමුණන්නී ගං දිය රැළි
අම්මා ගැයූ ගී නැළැවිලි
අප්පච්චිගෙ දා සුවඳැති
සෙමෙන් හමයි මේ පවනැලි...

පොඩි නංඟී දැන් ඇඬුවැති
අත්තම්මා මඟ බලානැති
මළහිරු හෙට පායයි යලි
අපෙ ඉර හඳ නොනැඟුනාට යලි...

Monday, May 5, 2014

Storm's Passed


                 Wind was cold
                 chilling to the bones
                 Rain was heavy
                 pounding on walls...
                 Lightning, Thundering
                 Thick shadows moving
                 It was so shivering
                 Noisy and scaring...
                 Now it's all gone
                 Silent, yet not calm
                 Storm's passed
                 so is She,
                 all that I cared...

Saturday, May 3, 2014

සිත අතරමං වෙලා

සිත අතරමං වෙලා
සොය සොයා නුඹ​
සිත අතරමං වෙලා
මහ සෙනඟ මැද​
පාළු මඟ තොට​
සිත අතරමං වෙලා
රේල් පාරේ, බස් නැවතුමේ
පන්සලේ සිල් සුවඳ අතරේ
සුසුම් රැළි වල​
කඳුළු බිඳු තුල​
සිත අතරමං වෙලා
නුඹම සොය සොයා...