Saturday, June 13, 2020

වසන්තය නොඒ නම් ...


වසන්තය නොඒ නම්
මක් කරන්නද
වැස්සේම තෙමි තෙමී
එතෙර වනු මිස

වසන්තය නොඒ නම්
මක් කරන්නද
ග්‍රීස්මෙට දැවි දැවී
ඇවිද යනු මිස

වසන්තය නොඒ නම්
මක් කරන්නද
සීතලට කබා ඇඳ
ගිරි ශිඛර නඟිනු මිස

වසන්තය නොඒ නම්
මක් කරන්නද
කාලයේ සුළඟටම
මුහුව වියැකෙනු මිසක