Saturday, May 13, 2017

තරු කඩා වැටෙනකොට

තරු එක එක කඩා වැටෙනකොට
අහසට මොකට තනි හිතෙනවද
ඇහුවා සඳක් හෙමිහිට
වැහි කඳුලකින් අහසින් වට

දුරට වී දැවි දැවී ගිනිගෙන
ඉමක් කොනක් නැතිව එළිය දෙන
අර​ ඉරමල මළ දවසට
දැනෙයි සඳට අඩක්වත් දුක

එකින් එක ගිලිහී තරු කැට
කළුවර උන දාට අහසම
රිදුනු අඳුරු තැන් විතරක් ඉතිරිව
මක් කරන්නද හිස් අහස​ට