Sunday, January 4, 2015

නපුරු සමනල්ලු !!!

             මලානික කටු පඳුරු හිස් දැක​
             පලා යන රන් සමනලුන් කැල​
             නැවතිලා සුපිපුනු මලක් ලඟ​
             හිඳීවිද උන් මල මිලින වූ කල​

             ලඟින් ඉන්නම් සදා කල්හිම​
             කියා රවටා රොන් උරාගෙන​
             කැකුළු මල අත්හලේ කිම නුඹ​
             සමනලුන් හැමදාම ඔහොමද​

             හැඩට පාටට දිස්නෙ දුන්නට​
             නපුරු සමනල්ලු කුමකට​
             හිතේ නැත්නම් ස්නේහයක් දිග​
             මලක් වී මා කුමට නුඹ ළඟ​