Thursday, June 12, 2014

එදා කී කතා, අද

සාගරය සේ තෙරක් නැති
වගෙයි, ආදරය මා සිතැති
කී අයම පලා යති
දැක කුණාටුවක පෙර නිමිති

මදනලයි ඈ ගෙවුනු දින​
සැඩ සුළඟ වී අද හමන​
පොළව කම්පා කල කුපිත​
හේ, ගතු කියයි අද ඈටම​

මල් වැස්ස එදා, අද මහ වරුසාව
තෙමෙමු අපි දෑත් පටලාන​
කී ඈම, කලෙක, වැහිදාක​
දොරගුලු වසාගෙන අද තදට​



No comments:

Post a Comment