Sunday, November 22, 2015

පියාපත් මට තිබුනනම් ...

පහන් තරු වී සිත් ඉමට
මෝදු වෙන්නට හෙමි හෙමින්
ඉඳින් මං මඟ බලන් ඉන්නම්
අහස සේ සෙනෙහස අරන් ...

හමා එන්නට මදනලක් සේ
වෙලෙන්නට සිත අද්දරින්
මලක් වී මම පිපී ඉන්නම්
සුවඳ දෙන්නට මඟ බලන් ...

කවිකමක් වී සිතට එන්නට​
පමා ඇයි නුඹ ඔයතරම්
සොයා එන්නට නුඹේ සිත වෙත​
පියාපත් මට තිබුනනම් ...