Sunday, November 16, 2014

The Earring ...!


Pair of earrings I had
with lovely flowers dancing in the wind
Dazzling sparks they had
like the ones you lit my inside...

I kept them safe in a locket
Just like the feelings for you - I had
wanted to wear them on a date
I couldn't since you never invite...

Now I have lost one, just like my abandoned heart
not knowing where'd I misplaced,,,
I'm holding tight what's left in pieces
with my trembling hands where yours fit once...

Tell me why, the only treasure I possess of you
Is just an earring I can't wear anymore
No worries, I won't cry asking more
I'm not the 'girl with a pearl earring' of your drawings, I know..


Monday, November 10, 2014

පාලම යට ජීවිත​ ...


වැස්සට හේදෙන​ - අව්වට පල් වෙන​
පාලම යට ජීවිත​ ...
රේල්ලුවට හෙල්ලෙන - කළු දුමට බොඳවෙලා යන​
ඒ මිනිස්සුන්ගෙ හීන​ ...
දවස් පඩියට වැඩ කරන​- දවස් ගනන් වැඩ නැතුව ඉන්න​
අර්ථ​ - සාධක නැති චරිත​
හැමෝටම ආවඩන​ - හැමෝගෙන්ම බැට කන​
මුකවාඩම් දාපු හඬවල් ...
හොරු, චන්ඩි, අහිංසකයො- පේළියට නිදාගන්න​
ලෑලි ගෙවල්වල මිනිස්සු ...
වටිනාකමක් දන්නෙ නැති- වටිනාකමක් දෙන්නෙ නැති
වැස්සට හේදෙන​- අව්වට පල් වෙන​
පාලම යට ජීවිත​ ...


Monday, October 13, 2014

අල්තීනාට මතක තියේවිද​?

ගිම්හානයේ ගිනියම්ව දැවෙන​
වස්සානයේ සැඩ කුණටු වලට ඇඹරෙන​
සිසිරයේ හිම සීතලට මිදෙනා
වසන්තය දැක දැකත් මල් නොපිපෙන​
ඒ දුයිෂෙන්ගෙ හිත​
උදේ හවා මියදෙන්ට ඇති
පොප්ලර් නිඹුල්ලන් දැක​
කබා කොලරයේ හංගාන කඳුළු
හිත හදා ගන්ට ඇති,,,
මගේ නොවූ මගේම අල්තීනා
ඈ වැඩෙනවා ඇති
සෙවණ දෙනවා ඇති
වැජඹෙනවා ඇති, ඉහලින්
ඈ පගා මඬින්ට තැත් කලවුන්ට​
මේ පොප්ලර් ගස් වගේම​...
අල්තීනා මට ආඩඹරයි නුඹ ගැන​
එහෙම හිතලා දුයිෂෙන්
ලියුම් බෙදන්ට අසුපන්නන්නැති...
ආලයේ නමින් ලේ වැගිරුන ඉතිහාසයක​
ප්‍රේමයේ නමින් කඩු ලෙලදුන් යුගයක​
ස්නේහයේ නමින් හඬා වැලපෙන මිනිසුන් අතර​
එකඳු කඳුලක් නොහෙලා
සමුගැනීමක් නැතිවම වෙන්වුන​
සන්තකයම දන්දී නිහඬවම හුන්
දුයිෂෙන් මුල්ගුරුතුමාණෙනි
ගීතයක්ම විය නුඹ.. සදාකාලික​!
මමත් දන් දී සන්තකයම​
නික්ම ආයෙමි නිහඬවම
අයිලයට පිටමං උන නුඹ වගේම​...
අල්පයක් වත් මා ගැන වගතුග​
මතක තියේවිද​ මගේ අල්තීනාට​...


Sunday, October 5, 2014

Born to the World



The day I was born of a time,
when there wasn't ultrasound scans to predict
Of a moment you were waiting to hear a 'boy'
I know you were upset to hear a 'girl'

It took me long to understand why
That you were upset I wasn't a boy
You did foresee thousands of haunting eyes
Invisible hands to harm at any chance
Random bullies on way to pull your girl down

Despite all the fears in your heart
I honer the way you raised me up
So soft to love & care the world
and strong to fight the same world

When a time comes for me to have a child
I'll be more scared than you on the day I was born
No matter baby'll be 'boy' or 'girl'
World is worst than the time
when there wasn't ultrasound scans



Saturday, September 20, 2014

මලින වී සේපාලිකා, මලින වී කිණිර තෙජ​

                 සඳ එළියට හිනැහි හිනැහී
                 රිදී පාටට දිස්න දෙන​
                 කිණිර තුඩ බදාගත්වන​
                 දෙපළු විණ සේපාලිකා මල​...

                 පෙති හැලී මිලින විණ​
                 රේණු සී සී විසිණ​
                 රොන් බිඳක තැවරී
                 කඳුලක්ද නික්මිණ​...

                 විසිණ මල් පෙති අතර
                 ශේෂ වූ සුවඳ පොද​
                 මුහුව නළ රැළි සමඟ
                 හමන්නට විය ගොළුව​...

                 ලෝණ වැස්සක නතුව
                 මලින වී කිණිර තෙජ​
                 මිහිමතම මිහිදන්ව
                 විසිණ මල් පෙති ලඟම...

Saturday, September 6, 2014

Like the Wind Against the Face



        Like the wind against the face
        I ain't seen you coming at all
        You are all over my space
        Like the wind against the face...

        Closed my eyes to feel deep
        When you pour kisses-over my cheeks,
        and you ran through my hair - so soft
        Like the wind against the face...

        Leaned towards, eyes-closed, hands wide-open
        Just to dissolve, permanently in your warmth
        Seems you are passing, without any note
        Just like the wind against the face..





Saturday, August 30, 2014

අම්මටයි..අප්පච්චිටයි!

     මිදුලේ වැලි මලිගාවෙ 
     සක්විති පදවිය ලබන්න​
     ගල් වැට ළඟ වාඩිවෙලා 
     සඳ පායන හැටි බලන්න​
     නැළැවිලි ස්වරයෙන් අම්මා සිත්තම් කල​
     හීනය නොවෙදෝ මල් ඵල ගැනුනේ

     ලෝකය දකින්න එහි සැරි සරන්න​
     අප්පච්චී නුඹ දුන්නු පියපත්
     නිදහස හා නොසැලෙන වීරිය​
     නොවෙදෝ අද මේ වැජඹෙන්නේ

                                                                                                මං හන්දා හෙළු දහදිය බිඳුවල​
                                                                                                මට හැන්ගූ දුක් කඳුලු බිංදු වල​
                                                                                                උතුරා ගැලු, මට දුන් ඒ සෙනෙහෙට​
                                                                                                අම්මේ, අප්පච්චී නුඹටයි මේ ජය​


Sunday, August 10, 2014

නාඬන්.. පුංචි දෝණී!


    වැළපෙන්නී, සිහිසන්වී නිදන්නී
    අවදිවන්නී යළි
    ඉකිබිඳින්නී.. පුංචි දෝණී
    බෝනික්කියක නොව​
    සුරංනාවියක ඉල්ලා
    තාත්තාට කරදර නොදෙන් දෝණී..
    හත් දොහකට උඩදී
    මළගම් ගිය සුරංගනාවී ඉල්ලා
    වැලපුනා අති දැන්
    හිත හදා ගනින්
    රත්තරං දෝණී..
    උඹෙත් මගෙත් කඳුල නිවූ
    ඒ සුරංගනාවී
    සොයාගෙන එන්නට​
    යන්නට බෑ මට දිව්‍ය ලෝකේ
    තනිකර දමා මගෙ පුංචි දෝණී
    යමපල්ලන් අතර මේ ලෝකේ

Sunday, July 27, 2014

Colored Tears

     Colored tears flooded away
     ran through her painted cheeks
     she cried for
     her seemed to beloved granny
      that she didn't bother
      to send even a penny...
      Now that she's gone
      she needs to mourn,,,
      she shed colored tears
      grabbed attention
      gained sympathy
      now she's done
      mourned enough
      colored tears,,,
      done a great job...




Friday, July 18, 2014

Tonight at 12 o'clock


Tonight at 12 o'clock
I'll fly for a long distance
leaving things to be shattered
those memories to be faded
And tears to remain silent...

No longer I'll be known to you
no longer you'll make sense to me
I'll be somewhere you cannot reach
let us be strangers to each...
Tonight at 12 o'clock
I'll leave you, to never be back

Let us not think about
how much we miss each of us
Not even saying goodbyes
just knowing, we belong distance
I quit and take the flight out
Tonight at 12 o'clock...!




Friday, July 11, 2014

මිනිසත්කම​ එකතු කරන්නී ..!


                   
                     පදික වේදිකාවේ කොනක​
                     රෙදි කඩක් එළාගෙන​
                     අම්මා කෙනෙක්
                     එකතු කරන්නී,,,
                     මිනිසත්කම​
                     බෙලෙක් කෝප්පයකට​
                     නලවන්නී, සියපුතු
                     සනසාගෙන තම සිත​...
                     කෙලෙස නම් කියන්නද​ ඈ
                     කිරි ඉල්ලා හඬන බිලිඳුට​
                     "ඌඹේ අප්පත් ගියා මෙතැනින්
                                                                                               දමා කොප්පයට පහේ කාසියක්"



Sunday, June 22, 2014

ආයෙම වතාවක්...!

රිදුනු සිත​ - රිදවා තවත්
බිඳුනු සිත - බිඳ දමා අයෙත්
නුඹ යන්න ගිහින්
ආයෙම වතාවක්
තනිකමට සින්න කර​
පණ ගැහෙන හදවතක්

අතරමං වී සිත​ - ඉකිබිඳිද්දී
කවිකමද තනි වී - සුසුම් ලද්දී
තෙමී දෙනෙතත්
නුඹ සොයද්දී
නොකියාම මටවත්
නුඹ ගිහින් නික්මී
ආයෙම වතාවක්
ඉතිරිකර, කඳුලු විතරක්



Monday, June 16, 2014

Sold and Empty



                It was up for sale
                for a price, I couldn't afford...
                watching through the window, I went passing
                hoping one day, certainly I'd buy it...

                For great many days, I went staring
                knowing it was still on sale, safe in showcase
                Extra hours, then I went on working...
                sometimes I even rushed
                just offering only a quick glance

                My savings were good, even match the price tag
                I was excited and told myself
                little more of wealth wouldn't be a hurt..
                and It would be still on sale,
                bearing just a bit of more wait

               All of a sudden it was gone and empty
               just like my old soul, that's weary...
               now that I have all the money piling
               but nothing for sale, worth of buying...





Thursday, June 12, 2014

එදා කී කතා, අද

සාගරය සේ තෙරක් නැති
වගෙයි, ආදරය මා සිතැති
කී අයම පලා යති
දැක කුණාටුවක පෙර නිමිති

මදනලයි ඈ ගෙවුනු දින​
සැඩ සුළඟ වී අද හමන​
පොළව කම්පා කල කුපිත​
හේ, ගතු කියයි අද ඈටම​

මල් වැස්ස එදා, අද මහ වරුසාව
තෙමෙමු අපි දෑත් පටලාන​
කී ඈම, කලෙක, වැහිදාක​
දොරගුලු වසාගෙන අද තදට​



Saturday, June 7, 2014

You-Me, Each-other


                                    No, I don't know you,,,
                                    I can't let you hold me
                                    yet you've kissed me
                                    wiped tears off me...

                                    No, you don't know me,,,
                                    you can't let me safeguard you
                                    yet I bear hugged you
                                    with all my heart comforted you...

                                    No, we don't know each other,,,
                                    we shouldn't be messing further
                                    yet, we miss being together
                                    I'll take my turn here...


Sunday, May 18, 2014

හිරු මළ යාමේ...

හිරු එලියට මුහුවී
වැව් දිය මත පතිත වී
මිහිදන් විය ගැඹුරු පත්ලේ
නුඹෙත් මගෙත් හීන පොඩි...

රන් වන් පැහැ දිස්න දුනි
අප්පච්චී පිරූ පැතුම් පොදි
දියවර සේම නොනිම් විණි
අම්මා පෑ සෙනේ ළබැඳි...

මුමුණන්නී ගං දිය රැළි
අම්මා ගැයූ ගී නැළැවිලි
අප්පච්චිගෙ දා සුවඳැති
සෙමෙන් හමයි මේ පවනැලි...

පොඩි නංඟී දැන් ඇඬුවැති
අත්තම්මා මඟ බලානැති
මළහිරු හෙට පායයි යලි
අපෙ ඉර හඳ නොනැඟුනාට යලි...

Monday, May 5, 2014

Storm's Passed


                 Wind was cold
                 chilling to the bones
                 Rain was heavy
                 pounding on walls...
                 Lightning, Thundering
                 Thick shadows moving
                 It was so shivering
                 Noisy and scaring...
                 Now it's all gone
                 Silent, yet not calm
                 Storm's passed
                 so is She,
                 all that I cared...

Saturday, May 3, 2014

සිත අතරමං වෙලා

සිත අතරමං වෙලා
සොය සොයා නුඹ​
සිත අතරමං වෙලා
මහ සෙනඟ මැද​
පාළු මඟ තොට​
සිත අතරමං වෙලා
රේල් පාරේ, බස් නැවතුමේ
පන්සලේ සිල් සුවඳ අතරේ
සුසුම් රැළි වල​
කඳුළු බිඳු තුල​
සිත අතරමං වෙලා
නුඹම සොය සොයා...