Monday, December 26, 2016

ඔබයි මගේ පහන් තරුව​

ඔබද තරුවකි
මාද තරුවකි
ක්‍ෂිතිජයේ දුර ඉමක​
ස්නේහයෙන් බැඳුන​

ඔබේ ලෝකය
මගේ ලෝකය
කියා වෙනසක් නැති විශ්වයක
හමු උනා නම් යැයි සිතෙයි මට

ඉරත් පායන
සඳත් පායන
දහසකුත් තව තරුත් පායන
මේ විසල් නුබ ගැබ​
ඔබයි මගේ පහන් තරුව​