සඳ එළියට හිනැහි හිනැහී
රිදී පාටට දිස්න දෙන
කිණිර තුඩ බදාගත්වන
දෙපළු විණ සේපාලිකා මල...
පෙති හැලී මිලින විණ
රේණු සී සී විසිණ
රොන් බිඳක තැවරී
කඳුලක්ද නික්මිණ...
විසිණ මල් පෙති අතර
ශේෂ වූ සුවඳ පොද
මුහුව නළ රැළි සමඟ
හමන්නට විය ගොළුව...
ලෝණ වැස්සක නතුව
මලින වී කිණිර තෙජ
මිහිමතම මිහිදන්ව
විසිණ මල් පෙති ලඟම...
Saturday, September 20, 2014
Saturday, September 6, 2014
Like the Wind Against the Face
Like the wind against the face
I ain't seen you coming at all
You are all over my space
Like the wind against the face...
Closed my eyes to feel deep
When you pour kisses-over my cheeks,
and you ran through my hair - so soft
Like the wind against the face...
Leaned towards, eyes-closed, hands wide-open
Just to dissolve, permanently in your warmth
Seems you are passing, without any note
Just like the wind against the face..
Saturday, August 30, 2014
අම්මටයි..අප්පච්චිටයි!
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩිවෙලා
සඳ පායන හැටි බලන්න
නැළැවිලි ස්වරයෙන් අම්මා සිත්තම් කල
හීනය නොවෙදෝ මල් ඵල ගැනුනේ
ලෝකය දකින්න එහි සැරි සරන්න
අප්පච්චී නුඹ දුන්නු පියපත්
නිදහස හා නොසැලෙන වීරිය
නොවෙදෝ අද මේ වැජඹෙන්නේ
මං හන්දා හෙළු දහදිය බිඳුවල
මට හැන්ගූ දුක් කඳුලු බිංදු වල
උතුරා ගැලු, මට දුන් ඒ සෙනෙහෙට
අම්මේ, අප්පච්චී නුඹටයි මේ ජය
Sunday, August 10, 2014
නාඬන්.. පුංචි දෝණී!
වැළපෙන්නී, සිහිසන්වී නිදන්නී
අවදිවන්නී යළි
ඉකිබිඳින්නී.. පුංචි දෝණී
බෝනික්කියක නොව
සුරංනාවියක ඉල්ලා
තාත්තාට කරදර නොදෙන් දෝණී..
හත් දොහකට උඩදී
මළගම් ගිය සුරංගනාවී ඉල්ලා
වැලපුනා අති දැන්
හිත හදා ගනින්
රත්තරං දෝණී..
උඹෙත් මගෙත් කඳුල නිවූ
ඒ සුරංගනාවී
සොයාගෙන එන්නට
යන්නට බෑ මට දිව්‍ය ලෝකේ
තනිකර දමා මගෙ පුංචි දෝණී
යමපල්ලන් අතර මේ ලෝකේ
Sunday, July 27, 2014
Colored Tears
Colored tears flooded away
ran through her painted cheeks
she cried for
her seemed to beloved granny
that she didn't bother
to send even a penny...
Now that she's gone
she needs to mourn,,,
she shed colored tears
grabbed attention
gained sympathy
now she's done
mourned enough
colored tears,,,
done a great job...
ran through her painted cheeks
she cried for
her seemed to beloved granny
that she didn't bother
to send even a penny...
Now that she's gone
she needs to mourn,,,
she shed colored tears
grabbed attention
gained sympathy
now she's done
mourned enough
colored tears,,,
done a great job...
Friday, July 18, 2014
Tonight at 12 o'clock
Tonight at 12 o'clockI'll fly for a long distance
leaving things to be shattered
those memories to be faded
And tears to remain silent...
No longer I'll be known to you
no longer you'll make sense to me
I'll be somewhere you cannot reach
let us be strangers to each...
Tonight at 12 o'clock
I'll leave you, to never be back
Let us not think about
how much we miss each of us
Not even saying goodbyes
just knowing, we belong distance
I quit and take the flight out
Tonight at 12 o'clock...!
Friday, July 11, 2014
මිනිසත්කම එකතු කරන්නී ..!
පදික වේදිකාවේ කොනක
රෙදි කඩක් එළාගෙන
අම්මා කෙනෙක්
එකතු කරන්නී,,,
මිනිසත්කම
බෙලෙක් කෝප්පයකට
නලවන්නී, සියපුතු
සනසාගෙන තම සිත...
කෙලෙස නම් කියන්නද ඈ
කිරි ඉල්ලා හඬන බිලිඳුට
"ඌඹේ අප්පත් ගියා මෙතැනින්
දමා කොප්පයට පහේ කාසියක්"
Subscribe to:
Posts (Atom)





