Monday, December 26, 2016

ඔබයි මගේ පහන් තරුව​

ඔබද තරුවකි
මාද තරුවකි
ක්‍ෂිතිජයේ දුර ඉමක​
ස්නේහයෙන් බැඳුන​

ඔබේ ලෝකය
මගේ ලෝකය
කියා වෙනසක් නැති විශ්වයක
හමු උනා නම් යැයි සිතෙයි මට

ඉරත් පායන
සඳත් පායන
දහසකුත් තව තරුත් පායන
මේ විසල් නුබ ගැබ​
ඔබයි මගේ පහන් තරුව​

2 comments:

  1. සබද, පහන් තරුව යැයි කීවත් එය තරුවක් නොව ග්‍රහලොවකි.

    ReplyDelete
  2. උවද ග්‍රහලොවක් කිමද,
    පායි නම් මග නිබද.

    උවද ග්‍රහලොවක් කිමද,
    වේ නම් සැනසුම අඳුර මැද.

    උවද ග්‍රහලොවක් කිමද,
    බැඳෙයි නම් නොවෙනස්ව හද.

    ReplyDelete