Saturday, February 16, 2019

වසන්තය දුරද තව

වසන්තය කුමට නුඹ
එන්න හැදුවද ම’වෙත
කඳුළු කඳු දියවෙලා
හැඩිවෙලා හැමතැනම

මාත් නුඹ සොය සොයා 
නෑවිදින් බොහෝ දුර
පිහදගෙන හිටියනම්
ඉඳ හිටක, කඳුළු කැට

සුළි සුලං අඩු නැතිව
අනෝරා වැසි නිතර 
හිතෙනවා තවම මට
වසන්තය දුර නොවෙද


No comments:

Post a Comment