Monday, October 13, 2014

අල්තීනාට මතක තියේවිද​?

ගිම්හානයේ ගිනියම්ව දැවෙන​
වස්සානයේ සැඩ කුණටු වලට ඇඹරෙන​
සිසිරයේ හිම සීතලට මිදෙනා
වසන්තය දැක දැකත් මල් නොපිපෙන​
ඒ දුයිෂෙන්ගෙ හිත​
උදේ හවා මියදෙන්ට ඇති
පොප්ලර් නිඹුල්ලන් දැක​
කබා කොලරයේ හංගාන කඳුළු
හිත හදා ගන්ට ඇති,,,
මගේ නොවූ මගේම අල්තීනා
ඈ වැඩෙනවා ඇති
සෙවණ දෙනවා ඇති
වැජඹෙනවා ඇති, ඉහලින්
ඈ පගා මඬින්ට තැත් කලවුන්ට​
මේ පොප්ලර් ගස් වගේම​...
අල්තීනා මට ආඩඹරයි නුඹ ගැන​
එහෙම හිතලා දුයිෂෙන්
ලියුම් බෙදන්ට අසුපන්නන්නැති...
ආලයේ නමින් ලේ වැගිරුන ඉතිහාසයක​
ප්‍රේමයේ නමින් කඩු ලෙලදුන් යුගයක​
ස්නේහයේ නමින් හඬා වැලපෙන මිනිසුන් අතර​
එකඳු කඳුලක් නොහෙලා
සමුගැනීමක් නැතිවම වෙන්වුන​
සන්තකයම දන්දී නිහඬවම හුන්
දුයිෂෙන් මුල්ගුරුතුමාණෙනි
ගීතයක්ම විය නුඹ.. සදාකාලික​!
මමත් දන් දී සන්තකයම​
නික්ම ආයෙමි නිහඬවම
අයිලයට පිටමං උන නුඹ වගේම​...
අල්පයක් වත් මා ගැන වගතුග​
මතක තියේවිද​ මගේ අල්තීනාට​...


No comments:

Post a Comment