Monday, November 10, 2014

පාලම යට ජීවිත​ ...


වැස්සට හේදෙන​ - අව්වට පල් වෙන​
පාලම යට ජීවිත​ ...
රේල්ලුවට හෙල්ලෙන - කළු දුමට බොඳවෙලා යන​
ඒ මිනිස්සුන්ගෙ හීන​ ...
දවස් පඩියට වැඩ කරන​- දවස් ගනන් වැඩ නැතුව ඉන්න​
අර්ථ​ - සාධක නැති චරිත​
හැමෝටම ආවඩන​ - හැමෝගෙන්ම බැට කන​
මුකවාඩම් දාපු හඬවල් ...
හොරු, චන්ඩි, අහිංසකයො- පේළියට නිදාගන්න​
ලෑලි ගෙවල්වල මිනිස්සු ...
වටිනාකමක් දන්නෙ නැති- වටිනාකමක් දෙන්නෙ නැති
වැස්සට හේදෙන​- අව්වට පල් වෙන​
පාලම යට ජීවිත​ ...


No comments:

Post a Comment