Tuesday, February 3, 2015

Until far enough, to meet ourselves ...

May be years we'll be wondering alone
Miles apart, walking separate lanes
Countless dawns we'll wake-up alone
Till the day we travel the same roads

Staring into the same starlit sky
from distance spots with no-one beside
We'll be wondering where we are destined
till the day we travel the same roads

Faces, Places and Memories will pass
searching ours, till we're on the same roads
Still, We'll travel strange many miles
Until far enough, to meet ourselves

So beloved, make your voyage, I'll do mine
Walk, Run , Fell, Get-up and Walk again
No matter how far we'll be traveling alone
Let's make it home; once we meet on same roads

Sunday, January 4, 2015

නපුරු සමනල්ලු !!!

             මලානික කටු පඳුරු හිස් දැක​
             පලා යන රන් සමනලුන් කැල​
             නැවතිලා සුපිපුනු මලක් ලඟ​
             හිඳීවිද උන් මල මිලින වූ කල​

             ලඟින් ඉන්නම් සදා කල්හිම​
             කියා රවටා රොන් උරාගෙන​
             කැකුළු මල අත්හලේ කිම නුඹ​
             සමනලුන් හැමදාම ඔහොමද​

             හැඩට පාටට දිස්නෙ දුන්නට​
             නපුරු සමනල්ලු කුමකට​
             හිතේ නැත්නම් ස්නේහයක් දිග​
             මලක් වී මා කුමට නුඹ ළඟ​


Sunday, November 16, 2014

The Earring ...!


Pair of earrings I had
with lovely flowers dancing in the wind
Dazzling sparks they had
like the ones you lit my inside...

I kept them safe in a locket
Just like the feelings for you - I had
wanted to wear them on a date
I couldn't since you never invite...

Now I have lost one, just like my abandoned heart
not knowing where'd I misplaced,,,
I'm holding tight what's left in pieces
with my trembling hands where yours fit once...

Tell me why, the only treasure I possess of you
Is just an earring I can't wear anymore
No worries, I won't cry asking more
I'm not the 'girl with a pearl earring' of your drawings, I know..


Monday, November 10, 2014

පාලම යට ජීවිත​ ...


වැස්සට හේදෙන​ - අව්වට පල් වෙන​
පාලම යට ජීවිත​ ...
රේල්ලුවට හෙල්ලෙන - කළු දුමට බොඳවෙලා යන​
ඒ මිනිස්සුන්ගෙ හීන​ ...
දවස් පඩියට වැඩ කරන​- දවස් ගනන් වැඩ නැතුව ඉන්න​
අර්ථ​ - සාධක නැති චරිත​
හැමෝටම ආවඩන​ - හැමෝගෙන්ම බැට කන​
මුකවාඩම් දාපු හඬවල් ...
හොරු, චන්ඩි, අහිංසකයො- පේළියට නිදාගන්න​
ලෑලි ගෙවල්වල මිනිස්සු ...
වටිනාකමක් දන්නෙ නැති- වටිනාකමක් දෙන්නෙ නැති
වැස්සට හේදෙන​- අව්වට පල් වෙන​
පාලම යට ජීවිත​ ...


Monday, October 13, 2014

අල්තීනාට මතක තියේවිද​?

ගිම්හානයේ ගිනියම්ව දැවෙන​
වස්සානයේ සැඩ කුණටු වලට ඇඹරෙන​
සිසිරයේ හිම සීතලට මිදෙනා
වසන්තය දැක දැකත් මල් නොපිපෙන​
ඒ දුයිෂෙන්ගෙ හිත​
උදේ හවා මියදෙන්ට ඇති
පොප්ලර් නිඹුල්ලන් දැක​
කබා කොලරයේ හංගාන කඳුළු
හිත හදා ගන්ට ඇති,,,
මගේ නොවූ මගේම අල්තීනා
ඈ වැඩෙනවා ඇති
සෙවණ දෙනවා ඇති
වැජඹෙනවා ඇති, ඉහලින්
ඈ පගා මඬින්ට තැත් කලවුන්ට​
මේ පොප්ලර් ගස් වගේම​...
අල්තීනා මට ආඩඹරයි නුඹ ගැන​
එහෙම හිතලා දුයිෂෙන්
ලියුම් බෙදන්ට අසුපන්නන්නැති...
ආලයේ නමින් ලේ වැගිරුන ඉතිහාසයක​
ප්‍රේමයේ නමින් කඩු ලෙලදුන් යුගයක​
ස්නේහයේ නමින් හඬා වැලපෙන මිනිසුන් අතර​
එකඳු කඳුලක් නොහෙලා
සමුගැනීමක් නැතිවම වෙන්වුන​
සන්තකයම දන්දී නිහඬවම හුන්
දුයිෂෙන් මුල්ගුරුතුමාණෙනි
ගීතයක්ම විය නුඹ.. සදාකාලික​!
මමත් දන් දී සන්තකයම​
නික්ම ආයෙමි නිහඬවම
අයිලයට පිටමං උන නුඹ වගේම​...
අල්පයක් වත් මා ගැන වගතුග​
මතක තියේවිද​ මගේ අල්තීනාට​...


Sunday, October 5, 2014

Born to the World



The day I was born of a time,
when there wasn't ultrasound scans to predict
Of a moment you were waiting to hear a 'boy'
I know you were upset to hear a 'girl'

It took me long to understand why
That you were upset I wasn't a boy
You did foresee thousands of haunting eyes
Invisible hands to harm at any chance
Random bullies on way to pull your girl down

Despite all the fears in your heart
I honer the way you raised me up
So soft to love & care the world
and strong to fight the same world

When a time comes for me to have a child
I'll be more scared than you on the day I was born
No matter baby'll be 'boy' or 'girl'
World is worst than the time
when there wasn't ultrasound scans



Saturday, September 20, 2014

මලින වී සේපාලිකා, මලින වී කිණිර තෙජ​

                 සඳ එළියට හිනැහි හිනැහී
                 රිදී පාටට දිස්න දෙන​
                 කිණිර තුඩ බදාගත්වන​
                 දෙපළු විණ සේපාලිකා මල​...

                 පෙති හැලී මිලින විණ​
                 රේණු සී සී විසිණ​
                 රොන් බිඳක තැවරී
                 කඳුලක්ද නික්මිණ​...

                 විසිණ මල් පෙති අතර
                 ශේෂ වූ සුවඳ පොද​
                 මුහුව නළ රැළි සමඟ
                 හමන්නට විය ගොළුව​...

                 ලෝණ වැස්සක නතුව
                 මලින වී කිණිර තෙජ​
                 මිහිමතම මිහිදන්ව
                 විසිණ මල් පෙති ලඟම...