Sunday, November 22, 2015

පියාපත් මට තිබුනනම් ...

පහන් තරු වී සිත් ඉමට
මෝදු වෙන්නට හෙමි හෙමින්
ඉඳින් මං මඟ බලන් ඉන්නම්
අහස සේ සෙනෙහස අරන් ...

හමා එන්නට මදනලක් සේ
වෙලෙන්නට සිත අද්දරින්
මලක් වී මම පිපී ඉන්නම්
සුවඳ දෙන්නට මඟ බලන් ...

කවිකමක් වී සිතට එන්නට​
පමා ඇයි නුඹ ඔයතරම්
සොයා එන්නට නුඹේ සිත වෙත​
පියාපත් මට තිබුනනම් ...

Sunday, October 18, 2015

If you gonna give up ...


If you gonna give up
how am I gonna keep up
I just want you to fight back
the way you taught me back then

You walked me beside
when roads were tough
Now don't let go of my hand
as time makes you feel weaken

Everything I've gained because of you
now I am ready to let go, but you
Just walk with me another mile
and do repeat it after every mile

If you are to give up
I'll be the one to lose
I want you to wait at home strong
when everything else go wrong

Saturday, October 10, 2015

සිටුගෙදර​ පොඩු පුතුට​

උරාපන් පොඩි පුතේ
ජීවනුහරණය කල තනපුඩුව​
හූල්ලන්නේ නැතිව​
වීදියේ දරුන් දැක​
කාණු මුල්ලක ඉදන්
අම්මගෙන් කිරි උරන​...
විෂබීජ​ පොඩි පුතේ
ඒ මව්ගෙ තුරුල්ලේ
ඒ හින්දා නැළැවියන්
වායු සමනය කල​
නුඹේ මේ තොටිල්ලේ

Sunday, September 27, 2015

Counting Days

     Baby, I know the coming winter
     gonna be much much colder
     but somehow i'll be warm inside
     coz, you are closest to my heart

          To watch the rainbow
          you gotta get wet in the rain
          baby, just bear the monsoon
          I'm coming to you with the sunshine

     Wondering just how you are
     before the dawn,I gaze upon the moon
     which you'd surely be looking at
     thinking of me every night

          I hate this endless time I have to wait
          until I hold you tight in my arms
          the longer the wait, the sweeter the kiss
          so baby, I'm patiently counting days


Monday, September 14, 2015

රෝස මලක​ කඳුලු කතාව​...

           ඩොලර් වලට විකිණී
           අතින් අතට
           හුවමාරු වෙද්දී,,,
           මිනිසත්කමක් අයැද​
           ඉකිබිඳ හැඬුවාය​
           රෝස කැකුලක්...
           මිල නියම කල මිනිසුනේ
           නෑසුනා සේ හිඳිනු කිම​
           රෝස පෙත්තක තැවරුණු,
           කඳුලු කතාව​...

Friday, September 4, 2015

All Alone ...

I see your eyes in the starlit sky
feel your breath in the soft blown wind
find your warmth in the soft sun shade
but still, I'm all alone
I'm all alone through the darkness

It's only me who can hear you
you are the only one whom I can feel so
I follow your whispers all over the streets
but still, I'm all alone
I'm all alone through the darkness

I lost my temper, everybody blames
I'm flooded with tears, nobody cares
I wonder in dreams, holding you tight
but still, I'm all alone
I'm all alone through the darkness

They say, you've gone to the heaven
How could be, you said "You are my angel"
I hear you say "Take care of your self"
but still, I'm all alone
I'm all alone through the darkness

I search everywhere to find you somewhere
though I know you are there
six feet below, my neighborhood field
but still, I'm all alone
I'm all alone through the darkness

Saturday, May 16, 2015

තරු කතාබහ

                  තරු කතාබහක​
                  සරා සඳ ගැන​
                  හිරු මිලින වූ කල​
                  නැඟී හිනැහෙන​
                  හිරු මලට පෙම්කර​
                  අඳුරේම ගොළු උන​
                  සරා සඳ ගැන​
                  සිතිජයේ දුර හිඳ​
                  තරු කතාවක​...