තරු එක එක කඩා වැටෙනකොට
අහසට මොකට තනි හිතෙනවද
ඇහුවා සඳක් හෙමිහිට
වැහි කඳුලකින් අහසින් වට
දුරට වී දැවි දැවී ගිනිගෙන
ඉමක් කොනක් නැතිව එළිය දෙන
අර ඉරමල මළ දවසට
දැනෙයි සඳට අඩක්වත් දුක
එකින් එක ගිලිහී තරු කැට
කළුවර උන දාට අහසම
රිදුනු අඳුරු තැන් විතරක් ඉතිරිව
මක් කරන්නද හිස් අහසට
Saturday, May 13, 2017
Monday, December 26, 2016
ඔබයි මගේ පහන් තරුව
ඔබද තරුවකි
මාද තරුවකි
ක්ෂිතිජයේ දුර ඉමක
ස්නේහයෙන් බැඳුන
ඔබේ ලෝකය
මගේ ලෝකය
කියා වෙනසක් නැති විශ්වයක
හමු උනා නම් යැයි සිතෙයි මට
ඉරත් පායන
සඳත් පායන
දහසකුත් තව තරුත් පායන
මේ විසල් නුබ ගැබ
ඔබයි මගේ පහන් තරුව
මාද තරුවකි
ක්ෂිතිජයේ දුර ඉමක
ස්නේහයෙන් බැඳුන
ඔබේ ලෝකය
මගේ ලෝකය
කියා වෙනසක් නැති විශ්වයක
හමු උනා නම් යැයි සිතෙයි මට
ඉරත් පායන
සඳත් පායන
දහසකුත් තව තරුත් පායන
මේ විසල් නුබ ගැබ
ඔබයි මගේ පහන් තරුව
Saturday, August 27, 2016
ආවර්ජනා . . .
ජීවිතය දිහා හැරිලා බලන හැම මොහොතකම එකම එක මතකයක් ලඟ නතර වෙන හිත,කලබලේට ඇහිඳ ගත්ත සිතිවිලිවලින් පුරවලා දාන්නේ ඒ මතකය දිගේ ගියොත් ඇස්වලට උනන අකීකරු කඳුළු මටම වාවගන්න බැරි හන්දා. විසි අවුරුද්දක් තිස්සේ මම ඒ මතකයත් එක්ක යුද්ධ කලා. මම දිනුවේ නෑ,පැරදුනෙත් නෑ,,, ඒ මතකයෙන් මම පැනල ගිය හන්දා.
ගෙවුන පහුගිය අවුරුදු විස්ස පුරවටම මං රෑ දවල් නොබලා වැඩ කලා. ඒ සල්ලි හම්බකරන්න, පෝසතෙක් වෙන්න උවමනාවට නෙවෙයි., විරාමයක් ගත්තොත් ඒ මතකයෙන් මට ගැලවීමක් නොලැබෙන නිසා. ඒත් හුස්මගන්න ජීවත්වෙන හැම තත්පරයක් පාසාම මං විඳෙව්ව,මං මටම දඬුවම් කරගත්තා.
අවුරුදු විස්සකට කලින් මම හීන මවපු පුංචි කැදැල්ල මං හැදුවෙ නෑ.ඉතිං විරාමයක් නොගෙන මම උපයපු සල්ලි වියදම් කරන්න මගේම කියල කෙනෙක් මට හිටියෙ නෑ. අවුරුදු විස්සකට කලින් මම ගෙවපු සුඛෝපභෝගී ජීවිතයට මං වෛර කලා, ඒ සමජයට මට අයෙමත් යන්න උවමනා උනේ නෑ.ඉතිං මං හම්බකරපු හැම රුපියලක්ම වියදම් කලේ සමාජ සේවයට. ළමා අරමුදල් වල, අසරණ සරණ සංගම් වල දානපති ලයිස්තුවේ ඉහලින්ම මගේ නම තිබුනට, මට තවමත් සැනසීමක් ලැබුනෙ නෑ. අනිත් අයගේ සුඛෝපභෝගී ජීවිත දිහා බලලා ඉරිසියා කරන්න තරම් මම දුප්පතෙක් උනේ නෑ. දෙවියන්ගෙන් බුදුන් ගෙන් සතුට ඉල්ලලා වැඳ වැටෙන්න තරම් මං සුදුස්සෙකුත් නෙවෙයි.
මෙච්චර කාලෙකට මං ඇඬුවෙ නෑ, මගේ අසරණකම ලෝකෙට කියාගන්න තරම් හිත මෙල්ල නොවුන නිසා. ඒත් අද... අද මං අඬනවා. ඇතිතරම් අඬනවා. කටවත්ම පෙනෙන එකක් නෑ, මගේ ඇස් වලින් ගලන කඳුළු කැට, මගේ හිස වටා එතුණු ලේ වැකුණු වෙළුම් පටි අතර සැඟවිලා යාවි. මගේ බිඳුණු අතපය වල වේදනාව මට නොදැනෙන තරම්. මගේ හිතේ වේදනාව ඊට වඩා දරුණුයි.අද මට මගේ පීඩාකාරී මතකයෙන් පැනල යන්න පුළුවන්කමක් නෑ. දෛවය විසින් මාව මනුෂ්‍යත්වයේ ජූරි සභාව ඉදිරියේ විත්ති කූඩුවටම නග්ගවලා.
කලින් දවසේ රෑ දහයට විතර කර්ය්‍යාලයෙන් පිටවුනු මගේ වහනය ඉස්සහරහින් ආව පාලනයක් නැති, නොසැලකිලිමත් වහනයක හදිසියේ ගැටුනා මට මතකයි. ඊට පස්සේ මට රෝහලේ ඇඳක් මතදී සිහිය ආවේ දැන් පැයකටත් වඩා අඩු කාලයකට කලින්. මගේ පීඩාකරී මතකයෙන් පලා යන්න කිහිපවතාවක් උත්සාහ කලත් පලක් උනේ නෑ. මං ඒ මතකයට මුහුණ දිය යුතුයි. විසි වසරකට පෙර මා අතින් සිදුවූ වරද අවර්ජනය කිරීමට ඉතාම සුදුසු මොහොත දෛවය විසින් මට උදා කරදී ඇති බව පැහැදිලියි.
. . .
එදා මද වැසි සහිත සීතල උඳුවප් මාසේ මූසල දවසක් කියලා කිව්වොත් නිවැරදියි. මිතුරන් සමඟ සාදය අවසානයේ හොඳටම මත්වෙලා හිටපු මම ගෙදර යන්න පිටත් උන වෙලාව තාමත් මතක නැති උනත් හොඳටම රෑ වෙලා තිබුණා. එකම වාහනයක් වත් නොතිබුණු පාර මගේම කරගෙන මං තවත් වේගය වැඩි කරන්න ඇති. ඇඟට දැනුන වෙහෙස නිසාම පුලුවන් තරම් ඉක්මනට ඇඳට වැටිලා නිදාගන්න උවමනා වෙලයි හිටියේ. ගෙදරට කිලෝමීටරයක් විතර කලින් වහනයේ යමක් වැදෙනව යාන්තමට මතක් උනත් ඒ මොකක්ද කියල බලන්න සිහියක් මට තියෙන්න නැතිව ඇති. ඒත් පහුවදා,,අනේ ඒ දවස උදා නොවුනනම් කියල මට අදටත් හිතෙනවා. අම්මයි තාත්තයි දෙන්නම නැතුව අත්තම්මා ළඟ හැදුන අවුරුදු හයක්වත් නැති පුන්චි සඳලි,,, හදිස්සියේ අසනීප උනු අත්තම්මාට උදව් හොයන්න පාරට බැස්ස නිර්භීත කෙලි පොඩ්ඩ,,, මං කොයිතරම් නම් පවුකාරයෙක්ද? බීමතින් වහනයේ සුක්කානම අතටගත්ත මම හැබෑවටම ඒ මොහොතේ රකුසෙක් උනා නෙවේද?
. . .
මේ තරම් දරුණු විදියට තුවාල වෙලා හිටියත් මේ තරම් පැහැදිලිව මතකය ආවර්ජනය කරන්න තරම් ශක්තියක් ආවෙ කොහෙන්ද කියලා මට හිතාගන්න බෑ. කොහොමහරි මට ජීවත් වෙන්න තරම් වාසනවක් ලැබුනොත් එහෙම වෙන්න ඕන එකම එක කාරණය මං අතින් උන ඒ වරද මුලු ලෝකෙටම කියන්න. පාපොච්චරණය උදෙසා හෝ සමව අයැදීම උදෙසා නොවෙයි, තවත් මෙවන් වැරදි නොවන්නට එක් පුද්ගලයෙකු හෝ දැනුවත් කරන්න. මං වගේ ජීවිත කාලෙ පුරවටම විදවන්න වෙන කලකන්නි වැරැද්දක් වෙන මූසල මොහොතක් උදා නොවෙන්න වග බලා ගන්න!!

Sunday, March 20, 2016
Princess- Helpless
She's so damn hotSomeone said raising a shot
She was ice-cold inside
and she was forced to hide
She's held in his arms
later, passed into another's
she felt nothing but only harm
yet pretended there's no bothers
She sounds happiest in the crowd
Only she could weep to herself
She's called the little town princess
but a country girl, left helpless
Sunday, November 22, 2015
පියාපත් මට තිබුනනම් ...
Sunday, October 18, 2015
If you gonna give up ...
If you gonna give up
how am I gonna keep up
I just want you to fight back
the way you taught me back then
You walked me beside
when roads were tough
Now don't let go of my hand
as time makes you feel weaken
Everything I've gained because of you
now I am ready to let go, but you
Just walk with me another mile
and do repeat it after every mile
If you are to give up
I'll be the one to lose
I want you to wait at home strong
when everything else go wrong
Saturday, October 10, 2015
සිටුගෙදර පොඩු පුතුට
Subscribe to:
Posts (Atom)